Sri Lank News

Sri Lank News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lank News, Newsstand, colombo 7, Sri Jayavardhanapura.
(15)

Permanently closed.
ඔබත් පින් රැස් කර අන් අයටත් පින් රැස්  කරගන්නට Shear කරන්න
01/02/2022

ඔබත් පින් රැස් කර අන් අයටත් පින් රැස් කරගන්නට Shear කරන්න

18/03/2021

උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් 😔😔😔😔😔😔😔😔

ජය වේවා mr DILANTHA MALAGAMUWA
21/02/2021

ජය වේවා mr DILANTHA MALAGAMUWA

05/02/2021

පරිස්සම් වෙන්න මේ දකින දේම ඇති ,,කොවිඩ් රෝගියෙක්

05/01/2021

අද උදෑසන( 5) බලංගොඩ නගරයේ සිදු වූ රිය අනතුරින් යතුරු පැදි කරු මිය ගොස් ඇත ... එම අනතුරට හේතුව ලොරි රථයේ තිරිංග එක් වරම ක්‍රියාවිරහිත වීම ..

දැනගෙන සිටියද....? වතුර වීදුරුවකට කල හැකි දේරාත්‍රී කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරීමට අනවශ්‍ය බව පවසමින්  එයින් ...
29/12/2020

දැනගෙන සිටියද....? වතුර වීදුරුවකට කල හැකි දේ

රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරීමට අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැලකීම සිටින්නේ වරින්වර නින්දෙන් අවදි වීමට වේ යන මතය දරමිනි.

මා නොදැන සිටි තවත් දෙයක් ... මිනිසුන්ට රාත්‍රියේදී මෙතරම් මුත්‍රා කිරීමට සිදුවන්නේ ඇයි?

මේ සම්බන්ධ ව හෘද වෛද්‍යවරයෙකුගේ (හෘද රෝග විශේෂ)) ප්‍රතිචාරය මෙසේය :

“ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ. මන්ද ගුරුත්වාකර්ෂණය මඟින් ඔබේ ශරීරයේ පහළම කොටසෙහි ජලය රඳවා තබා ගනී.

දැන් ඔබ වැතිරී සිටින විට ඔබේ පහළ ශරීරය (කඳ, කකුල් ආදිය) ඔබේ වකුගඩු සමඟ සම මට්ටමේ පවතී නම්, වකුගඩු ජලය ඉවත් කරන්නේ එය වඩාත් පහසු බැවිනි.

එය අවසාන ප්‍රකාශයට ගැලපේ!

ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට අපට අවම වශයෙන් ජලය අවශ්‍ය බව මම දැන සිටියෙමි, නමුත් මෙය මට අලුත් දෙයක් විය!

එනම් ජලය පානය කිරීමට සුදුසුම කාලය කුමක්ද? එය හොඳින් දැන ගැනීම ඉතා වැදගත් වේ.

හෘද රෝග Specialist කෙනෙකු ගේ වචන ....!

නිශ්චිත වේලාවක ජලය පානය කිරීම, ශරීරයට එහි බලපෑම් උපරිම කරයි:

1. අවදි වීමෙන් පසු වතුර වීදුරු දෙකක් (2) - පානය කිරීම අභ්‍යන්තර අවයව සක්‍රීය කිරීමට උපකාරී වේ

2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් පානය කිරීම (1) - ආහාර දිරවීමට උපකාරී වේ

3. ස්නානය කිරීමට පෙර වතුර වීදුරුවක් (1) පානය කිරීම - රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ (එය දැන සිටියේ කවුද ???)

4. ඇඳට යාම ට පෙර වතුර වීදුරුවක් (1) -පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය (දැන ගැනීම හොඳයි!)

5. ඊට අමතරව, නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වළක්වා ගැනීමට උපකාරී වේ.

6. කකුලේ මාංශ පේශි සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබාගැනීම සදහා ඔබව අවදි කරයි.

හෘද රෝග Specialist කෙනෙකු පැවසුවේ සෑම පුද්ගලයෙකුම පුද්ගලයන් 10 දෙනෙකුට මෙම පණිවිඩය යවන්නේ නම් අවම වශයෙන් ජීවිත 1 ක් ඉතිරි කර ගත හැකි බවයි!

ඉතින්, මම දැනටමත් මෙම තොරතුරු මෙම සමස්ත කණ්ඩායමට බෙදාදීම කර ඇත. ඔබගෙන් බොහෝ දෙනෙක් ස්වල්පයක් ගැන දැනුවත් විය හැකි නමුත් ඒ සියල්ලම නොවිය හැකිය !!

මෙම පණිවිඩය ඔබේ ආදරනීන් වෙත හො වෙනත් සමුහයන් වෙත යොමු කරන්න එය බොහෝ ජීවිත බේරා ගැනීම සඳහා උපකාරී වනු ඇත.

19/12/2020

පනස්දාහක් දඩ ගහලා

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. මේ මහ පොළොවේ කොතනැක ...
16/12/2020

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා.

මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු.

මගේ වයස අවුරුදු 65 යි. මේ 65 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.

එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.

අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.

ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.

ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැම තැනක්ම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.

අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.

අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. "අපි දඩයම් කළෙත් ක්‍රමේකට කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම."

"අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව." ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ.
වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.

අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.

මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵල වලින් මිදෙන්න ක්‍රමයක් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.

"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.

ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා.

"මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා."

"පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්‍රකෝටි ගානක් මරනවා."

මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.

"මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා." ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ගහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.

දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.

දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් "මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි."

මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු.

"අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු."

අපි කරපු මෝඩකම් නොකර තමන් කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.

මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු.

"එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු."

ඌරුවරිගේ වන්නිලැත්තෝ

15/12/2020

බලංගොඩ මහ නගරසභා අය වැය සම්මමතයි

15/12/2020

බලංගොඩ මහ නගරසභාව .ගමේ අය වැය නිසා අවුල් වූ පලාත් පාලන ආයතන .

07/12/2020

ජීවිත 3ක් බිලිගත් අනතුර

ලේ විෂවෙලා නේ  දියවැඩියාවත් තියනවද ? ඔබේ  විශේෂ අවධානය පිණිස.********කියවා අහක නොදමන්න මේන්  කරුණාවෙන් ඉල්ලමි.ඔබේ ඇස ගැට...
23/11/2020

ලේ විෂවෙලා නේ දියවැඩියාවත් තියනවද ?

ඔබේ විශේෂ අවධානය පිණිස.********

කියවා අහක නොදමන්න මේන් කරුණාවෙන් ඉල්ලමි.

ඔබේ ඇස ගැටි ගැටී සෑම ඉසවුවකම ඉබේ වැවෙන ,සුදු සහ රෝස හුරු දම්පැහැති මල් මංජරියක් හට ගැනෙන වර්ග දෙකක් ඇති .මුලෙ ඉතා මිහිරි සුවඳක් විහිදෙන
මේ බලසම්පන්න ඔසුව මිනිස් සිරුරේ ලේ ධාතුව මනාව පෝෂනය කර ⁣ රක්ත හීනතාවය දුරලීමට සහ ලේ ධාතුවට එක්වී ඇති සියලුම විශ ඉවත් කර ලේ ඉතා සුපිරිසිදු කිරීමට පුදුමාකාර බලයකින් සමන්විත , ශරීරය සිසිල්කර ස්නායු දුර්වලතාද මගහැර අංශබාග රෝගීන්ද නීරෝගිකරන , අක්ෂි රෝග සුවකර ඇස්පෙනීම ලබාදීමට සමත්,ලදරු මාන්දමනැමැති රෝගය දුරලන, යෝනිගත දෝෂ,ගර්බාශගත දෝෂ සහ කාන්තාවන්ගේ රෝග දහසකට ගුණ කියන,වාතසහ සමේ රෝග සුවකරන කැපුම් තුවාල මස් ලියලා සුවකරදෙන, යටිපතුල් දැවිල්ල විලුඹ පැලීම හිරු දුටු පිණිසේ දූරීබුත කරන, කොන්ද දනපොල්කටු, විලුඹ රිදීම් කෙවීම් සුවකරදෙන , දියවැඩියා රෝගයේ සීනි මට්ටම පාලනයකර දියවැඩියා රෝගය මුලින් උපුටා දැමිමට හැකි,අධික පෝෂණ ගුණයක් ඇති මහා බලසම්පන්න විශ්වකර්ම ඔසුවක් මහනර්ග #මොණරකුඩුම්බිය බව මා දිව්රාම පවසමි .
කැඳ සාදා සහ කලවම් මැල්ලුමක් සේ රසබලා මෙහි ගුණ ලැබිය හැක
#විශේෂයි.......
⁣මොණරකුඩුම්බිය සහමුලින්ම උදුරා වට්ටක්කා ඇට සමග වනේලා කොටා මිරිකා එම යුෂ සමගින් , සුදුලූනු, ඉගුරුදමා හීනටි හාලේ කැඳ පිස උදෑසන දින කීපයක් බීමට දෙනු . ඉහත කී සියලුම ලෙඩට #අත්දුටුවයි #සත්තයි සැක නොවනු අතුරු ආබාද නැතහීනටි හාල් නැතිනම් නිකං හාලෙන් හරි කැඳ සාදා ගන්න

වට්ටක්කා ඇට ගැන මදක් කිව යුතුමයි මේ ලොවේ දැනට ඇති මානව ප්‍රතිශක්තිකරණය ඉහල දමන අංක එකේ ඔසුව වට්ටක්කා ඇට බව මතක තබා ගනුව ,අතීතයේ මෙහි ගූණ දත් හෙලයන් පැසුනු වට්ටක්කා ඇට බැද කුඩා දරුවනට කෑමට දුන්නා ලෙඩ රෝගයන්ගෙන් තම දරුවන් මුදවා ගැනීමට වර්තමානයේ ඒවා අමතකවෙලාගොස් ජාතියේ අවාසනාවට

මිනිසුනේ මේයින් විපුල පල නෙලාගනිවු නීරෝගී ජාතියක් අනාගතේට බාරකිරීමේ අදිටනින් මා මෙසේ සටහන් තැබුවෙමි.මේවා ඔබට වටීනම් ඔබෙ අදහස් මට වටී ඉදිරි ලිපි වලට,
ඔබට දීර්ඝායුෂ පතමි .!!!
රත්නත්‍රයේ පිහිටයි ආරක්ෂාවයි !!
වැදගත් ලිපියක් නිසාවෙන් (රංජිත් කොලඹගේ )ෆ්බි ගිණුමෙන් උපුටාගෙන මාගේ පුද්ගලික සම්බන්දතා පවතින පාරම්පරික දේශිය වෛද්‍ය වරුන්ගෙන් වැඩිදුරටත් තහවරු කරගැනිමෙන් අනතුරුව වගකිමෙන් පලකරන ලද සටහනක් බව තහවරු කරමි.

09/11/2020

මැජික් හෙවත් විනිශ්චය මංඩලය ගොනාට ඇඳගැනීම

🌼බුදුන් පිදුමට කිරිපිඩු සාදාගන්නා ආකාරය...සම්බුදුරජාණන් වහන්සේට අග‍්‍රතම අයුරින් පූජා පවත්වන්නට අපි කවුරුත් කැමතියි. බුද...
09/11/2020

🌼බුදුන් පිදුමට කිරිපිඩු සාදාගන්නා ආකාරය...

සම්බුදුරජාණන් වහන්සේට අග‍්‍රතම අයුරින් පූජා පවත්වන්නට අපි කවුරුත් කැමතියි. බුද්ධ පූජාවන් නිවැරදි ආකාරයෙන් සිදු කරන කොට ලොකු පිනක් රැස් වෙනවා. ඒත් නිවැරදි විදිහට යම් යම් පූජාවන් සකස් කර ගන්න ආකාරය බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා හිතුවා ඒ නොයෙක් නොයෙක් පූජාවන් අතරින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා දිය නුමුසු කිරි ආහාර පිළියෙල කර ගන්නා නිවැරදිම කියල දෙන්න

මීට වසර 2605 කට පෙර උදා වූ සුපින්බර වෙසක් පොහෝ දිනයේ උරුවෙල් ජනපදයේ සේනානි නියම් ගමේදි ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ කිරි අහරින් පිදුම් ලැබුවා. සුජාතා සිටු දියණිය විසින් පූජා කරන්නට යෙදුන ඒ ක්ෂීරපායාස දානය වළඳා එදින හවස් යාමයේ වජ‍්‍රාසනයේ වැඩ සිටි බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කොට වදාළා.

ඒ මහත්ඵල මහානිශංස වූ ක්ෂීරපායාස දානය සැකසෙද්දි මහ බඹු එයට ඉහළින් ජත‍්‍රයක් දැරූ බවත්, සතරවරම් දෙව් රජවරුන් සතර දෙසින් රැකවල් කළ බවත්, සක් දෙවිඳුන් එය පිසින්නට සඳුන් දර දැල්වූ බවත්, දෙවිවරුන් දිව්‍ය ඕජස් එයට එක් කළ බවත් පොත පතේ සඳහන් වෙනවා. එවන් වූ මහානීය පූජාවක් සකසා ගැනීම ගැනයි මේ සටහන් තබන්නේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම උදෙසා දිය නුමුසු කිරි ආහාර නිවැරදි ව සකස් කර ගන්නේ මෙහෙමයි.

🔸 අවශ්‍ය ද්‍රව්‍ය :

(මෙහි දක්වා ඇත්තේ සහල් කිලෝ එකකට අදාළ ප‍්‍රමාණයන්)

1. සුවඳැල් සහල් – කිලෝ ග‍්‍රෑම් 1 යි
2. වියළි කජුමද – ග‍්‍රෑම් 125 යි
3. වියළිි මිදි – ග‍්‍රෑම් 200 යි
4. රට ඉඳි – ග‍්‍රෑම් 250 යි
5. ඇපල් ගෙඩි ‐ 2 යි
6. තැඹිලි ගෙඩි ‐ 4 යි
7. එළකිරි – ලීටර් 5 යි
8. බටර් (මාජරින් නුසුදුසුයි) – ග‍්‍රෑම් 100 යි
9. එනසාල් – ග‍්‍රෑම් 15 යි
10. කරාඹුනැටි – ග‍්‍රෑම් 15 යි
11. ස්ට්‍රොබෙරි – ගෙඩි කිහිපයක්
12. මී පැණි – කාලක් පමණ

🔸 සාදා ගන්නා ආකාරය...

* සුවඳැල් සහල් ගෙන තැඹිලි වතුරෙන් හොඳින් සෝදා ගන්න.

* ඉන්පසු තැඹිලි වතුරේ ම පෙඟෙන්නට තබන්න.

* එනසාල් සහ කරාඹුනැටි බැදගෙන, කුඩු වන ලෙස කොටා ගෙන, එය එළකිරි ස්වල්පයක දමා තම්බා ගන්න. ඉන් පසු එම එළකිරි ස්වල්පය පෙරා ගෙන වෙනම තබා ගන්න.

* එළකිරි ලීටර් 5 ගෙන ප‍්‍රමාණවත් භාජනයකට දමා රත් කරන්න. එය නටන තරමට රත් වූ විට, එයට කරාඹු නැටි සහ එනසාල් තැම්බූ එළකිරි ද, බටර් ද එක් කරන්න.

* ස්වල්ප වේලාවක් තබා පෙඟෙන්නට තැබූ සුවඳැල් හාල් ගෙන නටන කිරි බඳුනට එක් කරන්න. ඉන්පසු කරවීම වැළැක්වීම පිණිසත්, උතුරා ඉවත්වීම වැළැක්වීම පිණිසත් දිගට ම හැඳිගාන්න. ඒ අතර තුර, සහල් ඇට පොඩි වන තරමට ඉදී තිබේ දැයි වරින් වර පරීක්ෂා කරන්න. යම් තරමකට ඉදී ගෙන එන විට එයට කජු එකතු කරන්න. සහල් ඇට හොඳින් පොඩි වන මට්ටමට එන්නට ටික වේලාවකට පෙර වියළි මිදි ස්වල්පයක් ද රටඉඳි ද එක්කර ගන්න. සහල් ඇට සම්පූර්ණයෙන් ම අතින් පොඩි කළ හැකි මට්ටමට ආවිට ලිපෙන් බාගන්න. වියළි මිදි එක් කළ යුත්තේ ලිපෙන් බා ගන්නට ටික වේලාවකට පෙරයි. නැතිනම් වියළි මිදි වැඩිපුර තැම්බී රසය වෙනස් වෙනවා.

* ලිපෙන් බා ගන්නා විට කිරි ආහාරය උකුවට තිබිය හැකියි. එය ගැටලූවක් නො වෙයි. උකු භාවය නැති වන තෙක් රත්කිරීමෙන් වළකින්න. ලිප මත තැබිය යුත්තේ, සහල් ඉදෙනතෙක් පමණයි.

* ලිපෙන් බාගත් කිරි ආහාර පිරිසිදු හැන්දකින් ඉතා පිරිසිදු පාත‍්‍රයකට බෙදා ගන්න. උකුවට තිබුණ ද පාත‍්‍රයට දමා ටික වේලාවකින් උකුභාවය නැති වී ඝන බවට පත්වෙනවා. ඉන්පසු මී පැණි ප‍්‍රමාණවත් අයුරින් සුන්දර ව රවුමට එක්කරන්න. එසේ ම අලංකාරව කපා ගත් ඇපල් ද, ස්ට්‍රෝබෙරි ද, කොට්ටපොල් ද, කජු ස්වල්පයක් සහ වියළි මිදි ද එම කිරි ආහාරයට උඩින් එය සැරසීම පිණිස සුදුසු අලංකාර ආකාරයට අතුරන්න.

* ඉන්පසු සුන්දර ආවරණයකින් වසා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය උදෙසා මහත් ශ‍්‍රද්ධාවෙන් පූජා කරන්න

මෙහි දී මුඛවාඩම් බැඳගෙන (mask) පිරිසිදු ස්ථානයක, පිරිසිදු ඇඳුම් පැලඳුම් ආදිය ඇඳගෙන, පිරිසිදු උපකරණ පමණක් ම යොදා ගනිමින් කිරි ආහාර සකස් කිරීම ඉතා යෝග්‍යයි. එසේ ම උඩුවියන් ආදිය ද බැඳගත හැකි නම් ඉතා හොඳයි. බුදුගුණ ශ‍්‍රවණය කරමින් හෝ බුදු ගුණ ම සිතමින් ඒවා සකස් කරන්න. කෙළ බිඳිති ආදිය විසි වීමට ඉඩ ඇති නිසා ශබ්ද නගමින් කථා බස් කිරීමෙන් වළකින්න (මුඛවාඩම් බැඳගැනීමෙන් මෙය වළක්වා ගන්න පුළුවන්)

මේ අයුරින් ඉතා පිරිසිදුව සහ ශ‍්‍රද්ධාවෙන් යුතු ව සකස් කරගත් කිරි ආහාර සිල්වත්ව, මහත් සැදැහැයෙන්, කර්ම ‐ කර්ම ඵල අදහා ගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමෙන් මහත් ආනිශංස ලැබෙනවා.

අප සියලූ දෙනාට ම උතුම් ශ්‍රී සම්බුද්ධ පූජාවන් මනා කොට සකසා සිදුකරලීමේ භාග්‍යය උදා වේවා.!

උපුටාගැනීම මහාමේඝ සගරාව ඇසුරෙන්.
තෙරුවන් සරණයි !!!

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය.
06/11/2020

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය.

04/11/2020

වංචාවක් හොරකමක් කලොත් මේ දේ සිද්ද වෙනවා.

30/09/2020

මිතුරාගේ වියෝව කොහොම දැනෙනව ඇතිද.

නිවන් සුව කලාකරුවාණෙනි

08/09/2020

යස බණ ටිකක් අහපල්ලා

24/08/2020

මිය යාමට පෙර මෙය නරබන්න ...

17/08/2020

වෙඩික්කරුවෙකුගේ අවසානය ....ඉවර වෙනකන්ම අහන්න .

11/08/2020

අවසානයේ දී අපට ඉතිරි වන්නේ හිතේ සතුට පමණයි

04/08/2020

දුෂ්කර ගම්මානයක සිට උගතෙක්

30/07/2020

අගමැති නිරුපද්‍රිත වෙලා...

ලේ ලබා දීමට කැමති ඔබ ඉතා ඉක්මනින්ම පැමිණ ලේ ලබාදෙන්න...shear කර තව කෙනෙක් දැනුවත් කරන්න
21/07/2020

ලේ ලබා දීමට කැමති ඔබ ඉතා ඉක්මනින්ම පැමිණ ලේ ලබාදෙන්න...shear කර තව කෙනෙක් දැනුවත් කරන්න

11/07/2020

අපයෝජනයට ලක්ව මිය ගිය දැරියගේ අවසන් කටයුතු

09/07/2020

අවුරුදු 16 ක දැරියක් මිය යනතුරුම දූෂණය කරලා.

06/07/2020

කරන්න පුලුවන් දේවල්ද මේ කියන්නේ..වියත් හඬ ...

උගතෙක් දිනවමු ගාමිණී වලේබොඩ අංක 03න්

04/07/2020

හද්ද පිටිසර ගමක් ඉඳන් ඇවිත්

30/06/2020

මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් ඔහු ගැන පිලිතුරක්

28/06/2020

ඉගනීමක් සිහිබුද්ධියක් නැති මිනිහෙක් රටේ පාලනයට යවන්නද හිතන් ඉන්නේ .

උගතෙක් යවමුද දරුවන්ගෙ අනාගතේ සුබවාදී වෙන්න.

ගාමිණී වලේබොඩ ඔබේ මනාපයෙන් දියවන්නාවට

28/06/2020

සිහිබුද්ධියක් නැති හරිහැටි ඉගනීමක් නැති පුද්ගලයන් රට පාලනයට නොයවා මෙවැනි උගත් බුද්ධිමත් අයවලුන් ශ්‍රී ලංකාවේ පාලනයට යවමු

18/06/2020

සාදු සාදු සාදු

23/05/2020

රත්නපුර බලංගොඩ පීල්ලකුඹුර ගංවතුර තත්වය

Address

Colombo 7
Sri Jayavardhanapura

Telephone

+94754743773

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lank News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Nearby convenience stores