22/02/2026
🐘 පින්නවල අලි අනාථාගාරය නොහොත් අලි පැටවුන්ගේ දෙවැනි ගෙදර.❤️
අපි හැමෝම දන්න පින්නවල අලි අනාථාගාරය කියන්නේ නිකම්ම නිකම් අලි බලන්න යන තැනක් නෙවෙයි. මේක කරුණාවෙන්, ආදරයෙන්, ඒ වගේම ලෝකයටම ආදර්ශයක් දීපු අපූරු තැනක්.
1975 අවුරුද්දේ තමයි මේ අනාථාගාරය පටන් අරන් තියෙන්නේ. ඒ කාලේ කැලෑවේ අතරමං වෙන, අම්මා නැති, නැත්නම් තුවාල වෙච්ච අලි පැටවුන්ට පිහිට වෙන්න තමයි මේක හැදුවේ. මුලින්ම කොළඹයි, දෙහිවලයි තියලා, පස්සේ තමයි මේ ලස්සන පින්නවල පොල් වත්තට අරන් ඇවිත් තියෙන්නේ.
පටන් ගත්ත මුල්ම කාලේ හිටියේ අලි පැටව් පස් දෙනෙක් විතරයි – විජය, නීලා, කඩිරා, මාතලී, කුමාරි. පොඩි කාලේ ඉදන්ම මේ අලි පැටවුන්ට කිරි දීලා, බලාගත්ත විදිහ හරි අපූරුයි.
ලෝකයේම කෘතිම පරිසරයක් ඇතුළේ අලි පැටවෙක් ඉපදුණු පළමු තැන තමයි පින්නවල. 1984 දී ඉපදුණු "සුකුමලී" කියන අලි පැටියා තමයි ඒ වාර්තාවට හිමිකම් කිව්වේ. මේක ඇත්තටම අපේ රටට ලොකු ආඩම්බරයක්
පින්නවලට ගියොත් දකින්න පුළුවන් ලස්සනම දේ තමයි දවසට දෙපාරක් මහ ඔයට අලි රංචුවම අරන් ගිහින් නාවන එක. ඒ වගේම පොඩි අලි පැටවුන්ට බෝතලෙන් කිරි දෙන හැටි බලන්නත් හරිම ආසයි. මේක අලි ඇත්තුන්ට විතරක් නෙවෙයි, අපි වගේ අයටත් හරිම සතුටක්.
අද වෙනකොට පින්නවල අලි අනාථාගාරය කියන්නේ ආසියාවේම ලොකුම හීලෑ අලි රංචුවක් ඉන්න තැනක්. අලි ඇත්තු බලාගන්න එකට අමතරව, අලි ගැන පර්යේෂණ කරන තැනක් විදිහටත් මේක වැදගත් වෙනවා.
පින්නවල නිසාම අද වෙනකොට "අලි වසුරු වලින් හදන කඩදාසි" (Elephant Dung Paper) කියන පරිසර හිතකාමී කර්මාන්තයත් දියුණු වෙලා තියෙනවා. ඒක ලෝකයටම යන අපේ රටේ නිෂ්පාදනයක්! 🐘📄
ඉතින්, ඔයාලත් පින්නවල ගිහින් තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් කරන්න.