08/09/2025
Budget cut.
මාසේ පඩිය මාසේ ඉවර වෙනකන් තියෙනවද? ලැබුන ගමන් ලෝන් වලට කැපිලා පේ ශීට් එක විතරක් අතේ ඉතුරු වෙනවද? පඩිය අරන් සති දෙක යද්දි ආයේ ඇඩ්වාන්ස් දෙනකන් බලන් ඉන්නවද? කාගෙන් හරි අතමාරුවක් කරගෙන ඊ ලඟ මාසේ පඩි ලැබෙනකන් රෝල ගෙනියනවද?
ජොබ් එකෙන් එන වැටුපෙන් ලෝන් ගෙවලා මාසේ ඉතුරු වියදම් හොයාගන්න සයිඩ් බිස්නස් එකක්,ටියුෂන් එකක්වත් කරනවද?
පඩි ලැබුනම එක සැරේ මාසෙටම උවමනා අඩුපාඩු ගෙදර ගිහින් තියනවද? ඩේලි බජට් එකට ගැලපෙන විදිහට බඩු ගන්නවද? කිරිපිටි කිලෝ එක ගෙනියනවද? 400g නැතිනම් 200g එහෙම නැතිනම් සැෂේ පැකට්? එහෙමත් නැත්නම් කිරි පිටි බීම නතරම කරලද? හාල්,පොල්,සීනී,පරිප්පු ගන්න සතොසටම යනවද නැතිනම් වෙන තැනකින් ගන්නවද?
ෂැම්පු ලොකු බෝතලයක් ගන්නවද බෙහෙත් කුප්පි වාගේ තියෙන පොඩි බෝතලයක් ගන්නවද? සැෂේ පැකට් වලටම බැහැලද?
ෆේස් වෝෂ් වෙනුවට සන්ලයිට් කැටේ උනත් මූණේ උලාගෙන හෝදගන්න තරමට හිත හදාගෙනද?
ටූත් බ්‍රෂ් එක කෙදි නැමිලා ගැලවිලා යනකන්ම මදිනවද මාසෙන් දෙකෙන් අලුත් කරනවද?
මාසෙකට දෙහෙකට සැරයක්වත් ෂොපින් කරනවද? පැත්තකින් තියලා තිබුනු ඒවත් ආයේ අදින්න ගන්නවද?
මල ගෙදරට මඟුල් ගෙදරට ඔක්කොමලා යනවද,එක්කෙනෙක් යනවද? අලුතෙන් ඇදුම් ගන්නවද? එදාට විතරක්නේ කියලා තියෙන එකක් ෂේප් කරගන්නවද? යාලුවෙක්ගෙන් ඉල්ලගන්නවද,රෙන්ට් එකටවත් ගන්නවද? මේකප් එකටයි ඩ්‍රෙසින් එකටයි ඔක්කොටොම වියදම් කරනවද? ඇදුම තනියම ඇඳගෙන මේකප් එක විතරක් සැලුන් එකෙන් දාගන්නවද?
ඉස්කෝලේ දෙමාපිය රැස්වීමට,ශ්‍රමදානෙට යනවද,වරුවක් නිවාඩු ගන්නවද? නැතිනම් ඒ වෙලාවත් වැඩ කරනවද?
මේ මාසේ ඉදන්වත් ළමයි IT class එහෙකට ,English class එහෙකට යවනවද,දැනට science ,maths ගොඩ දාගත්තොත් ඇතිද? Swimming class,dancing class , martial art class එහෙකට පස්සෙවත් දාමුද?
පන්තියේ පේපර් කට්ටල වලට සල්ලි අද යවනවද,තව දවසකින් දෙනවද?
ලයිටි බිල වතුර බිල ඔක්කොම ගෙවනවද,ටිකක් අඩුවෙන් ගෙවලා ඉතුරු ටික ඊ ලඟ මාසෙ ගෙවනවද?
රු.300ට කරෝල 100ක් ගන්නවද? එලවලුවක් දෙකක් ගෙනියනවද? මස් ටිකක් ,මාලු ටිකක් ගන්නවද? ගෙදරට උවමනාම දේවල් ගන්නවද?
බඩගින්නට ෆයිව් ස්ටාර් මිලට කනවද,සයිවර් කඩේකට යනවද?
Branded ඒවම ගන්නවද පොඩි කඩයක දෙහකත් බලලා ඉන්නවද?
වෙනදට වඩා වියදම් කරන්න කලින් හිතන්න දේවල් ගොඩයි.
කරෝලත් ටිකයි.
රස දන්න අයට , කොලටි එක හොයන අයට සෙට් වෙයි.☺️
#බෝට්ටුකරවල