SILK Collection

SILK Collection Welcome to Sporty's.lk - Sri Lanka's First Dedicated 'Sports Souvenir Lounge'...!

13/09/2022

SILK Collection Sporty's ක්‍රීඩා සමරු සන්නාමය එළි දකී..!

SPORTSINFO ආයතනයේ නවතම සන්නාමය Sporty's ක්‍රීඩා සමරු සන්නාමය පසුගියදා එළිදක්වන ලදී.
එහි පළමු සිහිවටනය 1996 විජයග්‍රාහී ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නියමුවාණන් වූ The Captain Cool අර්ජුන රණතුංග මහත්මාට පිරි නමන ලදී.

Welcome to Sporty's.lk - Sri Lanka's First Dedicated 'Sports Souvenir Lounge'...!
12/09/2022

Welcome to Sporty's.lk - Sri Lanka's First Dedicated 'Sports Souvenir Lounge'...!

15/05/2020
06/04/2019

WATCH : Relive the winning moments from when Sri Lanka Cricket claimed their maiden title, in 2014! 🏆

16/02/2019
අපේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වීමට මූලිකතම හේතුව මුදල ඉදිරියට ගෙන ඒමයි..අර්ජුන රණතුංග කියයි...වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...
11/10/2018

අපේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වීමට මූලිකතම හේතුව මුදල ඉදිරියට ගෙන ඒමයි..
අර්ජුන රණතුංග කියයි...

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට මූලිකතම හේතුව මුදලට ඉදිරියට ගෙන ඒම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ XBAN 2018 ප්‍රදර්ශනය දෙවැනි දිනයට විවෘත කිරීමේ අවස්ථාවට අද (11) එක්වෙමිනි.

“පාසල් ක්‍රිකට් කණ්ඩායම හෝ ජාතික කණ්ඩායම හෝ නියෝජනය කරන අවස්ථා වලදී අපේ සිතට දැනුණේ විශාල අභිමානයක්. විශේෂයෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරන විටදී ඒ අභිමානය විශාල වශයෙන් දැනුණා. අපි තමයි රටේ මිලියන විස්සක ජනතාවක් නියෝජන කරන්නේ. එය අපිට ලැබුණු විශාල ගෞරවයක්. ඒ ගෞරවය කිසිම විටක අපි මුදලට පාවා දුන්නේ නැහැ. අපි කිසිම විටක මුදල් සොයා ගෙන ගියේ නැහැ. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ. අද මුදල පිටුපසම යාමේ සංස්කෘතියක් ඇතිව තියෙනවා. ඒක රටක් හැටියටත්, ක්‍රීඩාවක් හැටියටත් එහෙමයි. අපේ සමාජයත් එහෙම වෙලා තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මේකෙන් කොහොමද අපි මිදෙන්නේ කියලා. තමුන්නාන්සේලා දන්නවා පහුගිය දවස් කිහිපයේ අපිට ඉතාමත් අවාසනාවන්ත ප්‍රවෘත්ති කිහිපයක් අසන්නට ලැබුණා ක්‍රිකට් ක්‍රීඩාව ගැන. එවැනි තත්ත්වයකට ක්‍රිකට් ක්‍රීඩාව වැටුණේ ඇයි ? ඒයට මූලිකතම හේතුව වුණේ ක්‍රිකට් ආයතනයත් ඇතැම් ක්‍රීඩකයනුත් මුදල් පස්සේ යාම. දැන්වත් මේ තත්ත්වය වෙනස් කිරීමේ කාලය උදාවෙලා තියෙනවා. අපි තාම පරක්කු නැහැ....”යි ද අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අපේකම් අමතකවීම වර්තමාන සංස්කෘතියේ හෝදාපාළුවට මූලිකතම හේතුව වී ඇති බවයි.

“අපේ ගුරුවරු අපිට වේවැල් පාරක් දුන්නේ අපිව හදා ගන්න. ඒ නිසා වේවැල පාවිච්චි කරනවාට මම නම් විරුද්ධ නැහැ. ඒ කාලේ අද වගේත් මානව හිමිකම්කාරයෝ කවුරුත් හිටියේ නැහැ. අද ගුරුවරයෙක් කාටහරි අතක් ඉස්සුවොත් පොලීසි යනවා. මානව හිමිකම් කාරයෝ ඉන්නවා. මේ හරහා අපි අපේ සංස්කෘතියත් විනාස කරගෙන තියෙනවා. ඇත්තටම අද රටක් හැටියට ඉදිරියට යාමේදී අපිට තියෙන ලොකුම බාධාව වන්නේ අපේකම් අමතක වීම. අපේකම අමතක කරලා අපිට ඉදිරියට යන්න බැහැ....”යි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Events Highlights of SPORTEX 2018
28/08/2018

Events Highlights of SPORTEX 2018

The National Sports Exhibition - Sri Lanka

19/07/2018

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නැති වෙන්න ඉඩ දෙන්න අපිට බැහැ.
“ගාලු නගරය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන බව අපි හැමෝම දන්නවා. එය අපිට අහිමි කර ගැනීමට බැහැ. නමුත් අනෙක් පැත්තෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාගංණයත් අපට අහිමි කර ගන්න බැහැ....'' ගාලු උරුමය වෙනුවෙන් අර්ජුන සටනට බසී....

Address

340 A/2/2, Rev. Kanduboda Amaragnana Mawatha, Kothalawala
Kaduwela
10640

Alerts

Be the first to know and let us send you an email when SILK Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SILK Collection:

Share

Category